
විටමින් කියන්නේ.. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බැහැ.. ආහාර වලින් ගන්න ඕන..
* විටමින් වලින් කාර්යභාරයන් ගොඩාක් කරනව.. පොදුවේ ගත්තාම මෙහෙමයි..
• යහපත් සෞඛ්‍යක් පවත්වාගෙන යාමට.
• එන්සයිම හැදීමට..
• නව සෛල වර්ධනයට..
• පටක අලුත් අලුත්වැඩියාවට..
• ශරීරයේ ශක්ති ජනන ක්‍රියාවලිය වන
පරිවෘත්තිය ක්‍රියාකාරිත්වයට අවශ්‍යයි..
* විටමින් වල සමස්ත බරෙහි එකතුව ශරීර බරෙන් 1% ක් තියෙනවා.. එනම් 60kg බර කෙනෙකුගේ 500 g ක් විතර තියෙනවා..
* විටමින් වර්ග අතරින් අත්‍යවශ්‍ය වර්ග 13 ක් තියෙනවා.. ඒ කියන්නෙ ශරීරය තුල හදාගන්න බැහැ ආහාර හැටියට කන්න වෙනවා..
* පහතින් දක්වනවා එවයේ නම් සහ දවසකට ශරීරයෙන් බැහැර වෙන ප්‍රමාණය.. ඒ හා සමාන ප්‍රමාණයක් ආහාරයෙන් ගන්න ඕනේ..
* ජලයේ දියනොවන.. තෙල්වල දියවන 4 යි.
1. විටමින් A - රෙටිනෝල්
දිනකට - 800 mcg
2. විටමින් D - කෝලිකැල්සිපෙරෝල්
දිනකට - 5 mcg
3. විටමින් E - ටොකොෆෙරෝල්
දිනකට - 15 mg
4. විටමින් K - ෆයිලොකුයිනොන්ස්
දිනකට - 90 mcg
* ජලයේ දියවන ඒව 9 යි.
5. විටමින් B1 - තයමින්
දිනකට - 1.6 mg
6. විටමින් B2 - රයිබොප්ලේවින්
දිනකට - 2.2 mg
7. විටමින් B3 - නියැසින්
දිනකට - 15 mg
8. විටමින් B5 - පැන්තොනික් අම්ල
දිනකට - 7 mg
9. විටමින් B6 - පිරිඩොක්සින්
දිනකට - 1.5 mg
10. විටමින් B7 - බයොටින්
දිනකට - 30 mcg
11. විටමින් B9 - ෆෝලික් අම්ල
දිනකට - 400 mcg
12. විටමින් B12 - සයනොකොබැලමින්
දිනකට - 2.5 mcg
13. විටමින් C - ඇස්කෝබික් අමිල
දිනකට - 80 mg
* තෙල් වල දියවන විටමින් සාමාන්‍ය ආහාරයෙන් වැඩිපුර ගත්තා කියලා ගැටළුවක් නෑ.. අවශ්‍ය ප්‍රමාණය තමයි ජීර්ණය වෙලා.
තෙල් සමග උරාගන්නේ.. සප්ලිමන්ට් හැටියට ගන්න කොට.. ටිකක් අවබෝධයෙන් ගන්න වෙනවා..
* මේව සප්ලිමන්ට් හැටියට වැඩිපුර ගත්තාම.. මේද පටකයේ තැන්පත් වෙනවා.. දීර්ඝ කාලින තැන්පතු හැටියට.. විටමින් D වැඩිපුර ගත්තාම ලේවල කැල්සියම් වැඩිවෙලා මුත්‍රා ගල් හැදීම.. වගේ දේවල් වෙන්න පුළුවන්..
* ජලයේ දියවන විටමින්.. වැඩිපුර ගත්ත කියල ගැටළු එනවා අඩුයි.. බොහෝ විට මුත්‍රා සමඟ පිට වෙලා යනවා.. කලාතුරකින් එනව..
* හැබැයි කන තරමටම අවශෝෂණය වෙන්නෙත් නෑ.. දැන් තේරෙනවද කන්න ඉගෙන ගන්න ඕන කියලා.. දිගින් දිගට ම අපිට සාකච්ඡා කරන්න වේවි..
* දැන් මේ විටමින් එකින් එක අරන් බලමු..
• ක්රියාකාරිත්වයන් මොනවාද ?..
• දිනකට කොච්චර අවශ්‍ය වෙනවාද ?..
• අඩු වැඩි උනාම හැදෙන ලෙඩ මොනවාද ?
• මේවා අඩංගු ආහාර මොනවාද ?..
* මේ සම්බන්ධයෙන් මා ලියූ.. ජාතික ආහාර පිළිවෙතක් ග්‍රන්ථයෙ.. පිටු අංක 54.. 55.. 56.. පහතින් දක්වනවා බලන්න.. ටිකක් බලාගන්න අපහසු වේවි..
* කල්පනාවෙන් කියවගෙන යනකොට තේරෙන්න ගනීවි.. මේ ලෙඩ කියන ඒව තියෙන්නෙ කොහෙද ?.. මේවට උත්තර තියෙන්නේ කොහෙද කියලත්..
* අනෙකුත් සියලු පෝෂණ දත්ත පිෂ්ඨ.. මේද.. ප්‍රෝටීන.. ඛනිජ.. ආදිය මෙතැනින් බලන්න.. https://m.facebook.com/story.php?story_fbid=322447028306069&id=129484124269028