කොත්තමල්ලි ගැන ඔබ නොදත් දේ | Herbal.LK

කොත්තමල්ලි ගැන ඔබ නොදත් දේ

 

herbal.lk  අපි  අද කොත්තමල්ලි ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවා.

කොත්තමල්ලි කියන්නේ ප්‍රතිජිවක ගුණයේ ඉදන්   පිළිකා  නැසිමේ  ගුණය දක්වා  විශාල පරාසයකට  දිවෙන ගුණයක් තියෙන පැළයක්.

ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඖෂධ අතරින්  ඉහළින්ම  ඇති  ඖෂධයක්  වන කොත්තමල්ලි  මේද පරිවෘත්ති ක්‍රියාවලිය ද යහපත් පරිදි  සිදු කරන්න මහත් දායකත්වයක් සපයනවා.

වා ,පිත්, සෙම් යන ත්‍රිදෝෂ සමනයට ගුණදායක කොත්තමල්ලි  පිත නැසීමේ විශේෂ ගුණයකින් කොත්තමල්ලි  යුක්ත වන බව ද ආයුර්වේදයේ දි  පෙන්වා දෙනවා.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී කොත්තමල්ලි වල ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුව බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයක් ලෙස හදුන්වනවා .කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී ද  අඩංගු වෙනවා .

 ආහාර  දිරවිමේ  ක්‍රියාවලිය පහසු  කිරිමේ  ගුණයකින්  යුතු  කොත්තමල්ලි  ආහාරයට  ගැනිමෙන්  බඩගින්න ඇතිකරවන්න සමත් වෙනවා.

ඒ වගේම කෑම ආරුචිය ඇති විටත්  කොත්තමල්ලි කොළ  ආහාරයට ගැනිම ගුණදායක වෙනවා.

ආහාර  නොදිරවන අවස්ථාවලදි  කොත්තමල්ලි  බැද හොඳින්  කුඩු කර  උණුසුම් ජලයට  දමා  පානය කිරිමෙන්  සහනයක් ලබා ගන්න පුළුවන්.

බඩපුරවා  දැමිම, ඔක්කාර  ඇති විටත්, අර්ශස්  රෝගින්ටත්, පාණ්ඩු  රෝගයෙන් පෙළෙන්නන්ට වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින්  ගෙන සිනි  දමා  හෝ නොදමා  උදේ  සවස පානය කිරිමෙන් සුවයක් ලබා ගන්න පුළුවන්.

කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගන්න පුළුවන්.

 තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද කොත්තමල්ලි භාවිතයට ගන්න පුළුවන්.

 එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද කොත්තමල්ලි යෝග්‍ය වෙනවා.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වලදී කොත්තමල්ලි වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගනන්ද හැකියාවක් පවතිනවා.

 

Back to Top