Ashwaganda | Herbal.LK

Ashwaganda
List price: LKR 0.00
Price: LKR 1,950.00
SKU: BLL-014-0050-03

Description

60 CAP

500mg

වෙලාවක් කලාවක් නැතුව හිතේ හැටියට ආදරෙන් වෙලෙන්න..

අශ්වගන්ධ Capsules

පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා - අශ්වගන්ධ) භාවිතයෙන් නිපදවා ඇත.

අශ්වගන්ධ Capsule මඟින්,

අශාවන් අවදි කරයි.

ශක්තිය සහ ජවය වැඩි කිරීමට උපකාරී වේ.

කැමැත්ත සහ තෘප්තිය වර්ධනය කිරීමට උපකාරී වේ.

ශරීරයේ විෂ නැසුමට උපකාරීවන මහර්ඝ ඖෂධයකි.

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

 

අශ්වගන්ධ ශාකයේ ප්‍රදාන ගුණාංගය වන්නේ වාජීකරණ ගුණය යි. ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, මුර්ජා අනිද්‍රා, වාත රෝග යනාදියට මෙම ශාකය ගුණදායක ඔසුවකි. එමෙන්ම රක්තවාතය, ඔඩු සහිත වණ සුව කිරීමට ද මේවා යොදා ගනු ලබයි. ශරීරයේ පිළිකා සෛල නැසීමට ද මෙය ඉතා හොඳ ඖෂධයක් බව කියැවේ. ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස ආදියට ද ඔසුවක් ලෙස ආයුර්වේදය තුළ දී අමුක්කරා භාවිතයට ගනියි. මෙය ස්ත්‍රීන්ගේ ව්ඳ බවට ද, ඉදිමුම් ආදී රෝග තත්ත්වයන් රාශියක් සමනය කිරීමට ද යොදා ගන්නා විස්මිත ඔසුවකි. ගලගණ්ඩය, නාඩි දුබලතා ආදිය මඟහරවා ගැනීමට ද මෙම ඔසුව උපකාරී වේ. උදරගත රෝගාබාධ සහ කෘමි රෝග සඳහා ද ගුණදායක ය. ගර්භාෂගත රෝග තත්ත්වයන් සඳහා බහුලව භාවිත කරන අතර ආයුර්වේදය තුළ මෙය මුත්‍රාකාරකයක් ලෙසින් ද හඳුන්වා දී ඇත. නින්ද නො යාමේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද හෙළ වෙදකමේ දී මෙය යොදාගනු ලබයි. අල්සයිමර් නම් රෝගය මැඩ පැවැත්වීමට හැකි ඔසුවක් ලෙස අශ්වගන්ධ පර්යෙෂණාත්මකව තහවුරු කර හඳුනාගෙන ඇත. මෙහි ඇති ක්‍ෂාරීය ඇලකොයිඩ විශේෂයක් මධ්‍ය ස්නායු පද්ධතියට හා කොඳු ඇට වලට බලපෑම් කිරීමට සමත් අතර අශ්වගන්ධ දෛනිකව ශරීරයට එක් කිරීමෙන් දවස වඩාත් ප්‍රාණවත්ව ගත කළ හැකි බව කියැවේ.

අමුක්කරා, ස්නායු උත්තේජනය ශක්තිමත් කරනු ලබන අතර, මල බද්ධය නසයි, ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. ලේ පිරිසිදු කිරීමට මෙන්ම වියපත් වූ සහ කෘෂ වූ ශරීරය ශක්තිමත් කිරීමට ද සමත් ඖෂධයකි. අකලට මහළු වීම සහ ජරාවට පත් වීම ද වළක්වාලමින් ශරීර වීර්යය සහ බලශක්තිය වැඩීමට මෙහි අන්‍තර්ගත් වාජීකරණ ගුණය සමත්කම් දක්වයි. මෙම ඔසුව නිද්‍රාජනක සහ මදනකාරී වුව ද එය හෘදයට බල නො පෑම මෙහි ඇති විශේෂත්වයක් බව ආයුර්වේදයේ සඳහන් ය.

Back to Top