කරපිංචා ටී
කරපිංචා ටී
List price: LKR 0.00
Price: LKR 240.00
SKU: LAK-NAT-003

Description

ඖෂධීය ශාක වලට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ රටේ ඖෂධීය ශාක 1430 ක් පමණ හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ආවේණික ගණන 150 කට ආසන්න වේ.

මෙම ඖෂධීය ශාක තිබුණත් මේ වන විට 50%කට  වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ලක්වී ඇති අතර නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව කුඩා දරුවන් තුලත් දියවැඩියාව වැනි රෝග දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

මෙයට හේතුව නම් වැරදි ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම, මානසික ආතතිය, කාර්යබහුලතාවය, නාගරීකරණය නිසා ඇසට ප්‍රිය කරන කට රස කරන කෘතිම රසකාරක යෙදූ ක්ෂණික ආහාර හා පැණි බීම බහුලව භාවිතා කර  නැති ලෙඩ ඇති කර ගැනීමයි.

උතුරු නැගෙනහිර  පමණක් නොව අනෙකුත් පළාත් වලත් සීග්‍රයෙන් පැතිර යන වකුගඩු උවදුර  මෙතෙක් දෙස් විදෙස් කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවක් බව තහවුරු කරගෙන  ඇත. එය සත්‍යයකි. ඒ මන්ද කියනවා නම් එළවළු වලට ඉසින ලද කෘමිනාශක වැස්සට හෝ ජලයට සේදී යන නිසා එය  වළක්වා ගැනීමට අමතර කෙමිකල් ( ගම්) භාවිතා කරන අතර කෘමිනාශක යොදා දින 14 ක් ඉක්මවූ පසු වෙළඳපොළට එක්කළ යුතු වූවත් වෙළඳපොලේ මිල ඉහළ යාම අනුව උදේ වරුවේ කෘමිනාශක ඉසින ලද එළවළු හා පළතුරු සවස වෙළෙඳපොළට එක් කිරීමට කටයුතු කරයි.මුළුතැන්ගෙට රැගෙන ගොස් සාමාන්‍ය ලෙස පිළියෙල කරගන්නා විට ව්‍යංජනය තුළ දියවී ආහාරයට එක්වේ.රාත්‍රියට ආහාර ගෙන  නිදාගැනීමේදී දිරවා ජීරණ ක්‍රියාවලිය සිදුකරන අතර වස විෂ වල බලපෑම හේතුවෙන් ජීර්ණ ක්‍රියාවලිය හීනවී ගෝනියක දමා කට බැන්දා සේ අපද්‍රව්‍යය තැන්පත් වී තරබාරුවට ලක්වේ.
මෙය මග හරවා ගැනීම සදහා  රාත්‍රියට නින්දට පෙර කරපිංචා කහට කෝප්පයක් පානය කිරීමෙන් ජීර්ණ ක්‍රියාවලිය සිදු වී පහත සඳහන් පෝෂ්‍ය ගුණයන්  ලබාගත හැක.

මේදය තැන්පත් කිරීම අවම කරයි.
කොලෙස්ටරෝල් මඟහරවයි. 
දියවැඩියාව පාලනය කරයි.
මේද දහනය වී අධික තරබාරු මඟහරවයි. 
ආහාර හොඳින් ජීර්ණය වී බඩ පිපුම බඩේ රුජාව මඟ හරවයි.
ආහාර රුචිය වඩවයි සෙම පිත සමනය කරයි.

 

 

Addition Information

 මෙම නිෂ්පාදනය තුල කරපිංචා තේ පැකට් 25ක් අඩංගුය.

කිසිදු රසකාරකයක් හෝ රසායනික ද්‍රව්‍යක් අඩංගු නැත.

Back to Top