ඌෂ්ණෙ වැඩි මේ දවස් වල ඇඟ නිවන ආහාර | Herbal.LK

ඌෂ්ණෙ වැඩි මේ දවස් වල ඇඟ නිවන ආහාර

මේ දවස් වල පවතින උෂ්ණත්වය ශරීරයට වගේම සමටත් ඒ තරම් හොද නැහැ.ඒ ගැන හිතන්න කාර්යබහුල වටපිටාව එක්ක ඔයාට වෙලාවක් නැති උනත් මේ රස්නයෙන් බේරෙන්න නම් ඔයාට අහාර තෝරා බේරා ගෙන කන්න වෙනවා.ඒ නිසා  අද   herbal.lk  අපි හිතුවා උෂ්ණත්වය ට ඔරොත්තු දෙන සිසිල් අහාර ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න.

පුළුවන් වෙලාවකට මේ කියන අහාර වැඩිපුර අහාරයට එකතු කරගත්තොත් ඔයාට පුළුවන් උෂ්ණ රෝග වලින් වැළකිලා ඉන්න.

රණවරා කියන්නේ  රෝග නසන බැක්ටීරියා නාශක හා ප්‍රතිඔක්සිකාරකගුණවලින් පොහොසත් ඖෂධයක්.රණවරා වලට දාහය නිවන්න,ලේ පිරිසිදු කරන්න වගේම සම පැහැපත් කරන්නත් හැකියාවක් තියෙනවා.

රණවරා මල් උෂ්ණ කාලයට ඉතාම සුදුසුයි. රණවරා මල් තැම්බූ වතුර උණුසුම් වුවත් ඉන් ඇග නිවෙනවා. දහදිය බිබිළි, ඇග කැසීම් වළක්වා ලේ පිරිසුදු කිරීමේ ගුණය ද රණවරා සතුයි.

වියළි රණවරා මල් තම්බලා  තේ මෙන් පානය කිරිමෙන් විඩා දුරු වෙන අතර  මුත්‍රා පිට කිරීමේ අපහසුතාවයද   රාත්‍රියේ  වරින් වර මුත්‍රා පහවීම වැනි අනෙකුත් මුත්‍රා විෂමතා ද දුරුවෙනවා.

ඒ වගේම බෙලි කියන්නෙත්  පෝෂණ ගුණයෙන් අණූන පලතුරක්.බෙලි දිනපතා  ආහාරයට ගැනීමෙන්  සමෙහි සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු වෙනවා.

ඊට අමතරව සමෙහි ඇති වන කුරුලෑ, හොරි වැනි දේ සුව කිරීමට ද, සම අවපැහැ ගැන්වීම වැලැක්වීමට ද බෙලි යොදාගන්නවා. බෙලි නිරන්තරව ආහාරයට ගැනීමෙන් ශරීරය නිවීමට ලක් වන නිසා සමෙහි ඇති වෙන බොහෝ ප්‍රශ්න මගහැරෙනවා.

කැකිරි කියන්නෙත් උෂ්ණ කාලෙට ගැලපෙන ආහාරයක්.කැකිරි වලින් ශරීරයේ දැවිලි ස්වභාවය, අම්ල පිත්තය, වමනය සහිත හිසරදය, නින්ද නොයෑම, මධුමේහය, වකුගඩු රෝග පාලනය කරන්න පුළුවන්.

ඒ වගේම පිපිඤ්ඤා කියන්නෙත් උෂ්ණ සමයට සුදුසු ආහාරයක් ලෙස  පෙන්වා දෙන්න පුළුවන් ආහාරයක්. පිපිඤ්ඤා අමුවෙන් හෝ සලාද ලෙස සකසා ආහාරයට ගන්න පුළුවන්.  පිපිඤ්ඤා ආහාර දිරවීම පහසු කරවන අතර ඇගද  සිසිල් කරනවා.

නෙල්ලි කියන්නේ විටමින් සී අධික පලතුරක්.මේ දවස් වල පවතින උෂ්ණත්වය මග හරවා ගන්න නෙල්ලි වලින් අපට පුළුවන්.ප්‍රතිඔක්සිකාරකයක් ලෙස නෙල්ලි ක්‍රියා කරන නිසා ලෙඩ රෝග සැදීමේ ප්‍රවනතාවයද අඩු වෙනවා.ඒ වගේම ආයුර්වේදයට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර වේ. බාහිර වශයෙන් ඇස්වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හැඳින්විය හැකි ය. නෙල්ලි  ආහාරයට ගැනීමෙන්, අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. කුසගින්න වඩවයි. මළබද්ධය නසයි. හෘදයට මෙන් ම ගර්භාෂයට ද හිතකර ය. මුත්‍රාකාරකයකි. ලේ හිඟකමට ද යෝග්‍ය ඔසුවකි. නෙල්ලි ආහාරයට ගැනීම මඟින්, ප්‍රතිශක්තිය වර්ධනය කරනවා සේ ම, සමේ රෝග නැසීමේ බලයක් ද පවතී.හිස කෙස්වලට මෙන් ම, හිස් කබලේ නීරෝගී බව පවත්වා ගැනීමට ද, නෙල්ලි හිතකර ය.

බාර්ලි කියන්නෙත් ඇගේ උෂ්ණත්වෙ ට ගොඩක් හොද ආහාරයක්.බාර්ලි වලින් ශරීරයේ දාහය නිවෙනවා . ශීත ගුණය බාර්ලි සතුව ඇත. මල හොඳින් බුරුල් වෙන අතර  ආහාර රුචිය වැඩි කරයි. ශක්තිය ලැබීමට ඉතාමත් හොඳ ආහාරයකි. රුධිරය පිරිසිදු කරයි. උණ රෝගයට හිතකර වෙයි. පිපාසය සංසිදුවයි. උණ නාශක ගුණ ඇත. ආමාශ ගත පිළිකා දුරු කරයි.

මේ අහාර වලින් එකක් දෙකක් වත්  දවසකට ඔයාගේ අහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් උෂ්ණත්වය නිසා ඇති වෙන රෝග වලින් වැළකිලා ඉන්න ඔයාට පුළුවන් වෙයි.

 

 

Back to Top