අර්ශස් රෝගයෙන් දුක් විදිනවද?කොහිල කොළ කැඳ කෝප්පයක් බොමුද? | Herbal.LK

අර්ශස් රෝගයෙන් දුක් විදිනවද?කොහිල කොළ කැඳ කෝප්පයක් බොමුද?

herbal.lk අපි අද හිතුවා ඔයගොල්ලන්ට කොහිල වලින් කැඳ එකක් පිළියෙළ කරගන්න විදිහ කියලා දෙන්න.ඒකට අපිට අවශ්‍ය වෙන්නේ 
පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක්
නිවුඩු කැකුළු හාල් -150g ක්
ගා ගත් පොල්
සුදුලුනු - බික් 2ක්3ක් 
රතුළුණු - ගෙඩි 4ක්
කරපිංචා
ඉඟුරු අවශ්‍ය පමණට 
ලුණු 

දැන් අපි බලමු කොහිල කැඳ එක එක හදන්නේ කොහමද කියලා 

පළමුවෙන්ම කරන්න ඕනේ  කොහිල අල කුඩා කැබලි වලට කපා ගන්න එක.
ඊට පස්සේ  පොල් ගාලා කරපිංචා කොළ  එක්ක  හොදින් කොටාලා  මිරිකා ගන්න ඕනේ.
සහල් ටික  හොදින් හෝදලා  අවශ්‍ය පමණට වතුර දාලා  සුදුලුනු, රතුළුණු හා ඉගුරු  එකතු කරලා ලිපේ තියන්න.
බත හොදින් ඉදුණු පසු, කොහිල යුෂ එයට දමා, ලුණුද එක් කර එය ලිප තබන්න. 
මේ මිශ්‍රණය හොදින් තැම්බෙන්න තියලා  ලිපෙන් බා ගන්න ඕනේ.දැන් පුළුවන් ඔයාට රස වගේම ගුණ පිරුණු කොහිල කැඳ කෝප්පයක රස බලන්න.

Back to Top