කහ වල ගුණ | Herbal.LK

කහ වල ගුණ

herbal.lk අපි අද ශාක විශේෂයක් ගැන කතා කරන්න හිතුවා.අද අපි කතා කරන්නේ "කහ" ගැන.කහ කියන්නේ විෂබිජ නාශක ගුණයෙන් ඉහළ ආයුර්වේද  ඖෂධයක් වගේම ආහාර වශයෙන් ගන්නා කුළු බඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයක් ලෙස  හදුන්වන්න පුළුවන්. 

ශරිර අභ්‍යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායක කහ, සම පැහැපත් කිරිමට මෙන්ම කුළු බඩු ලෙසත් භාවිත කරනු ලැබේ.

කහ , අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ භාවිතා කරන කහවල උද්හිද විද්‍යාත්මක නාමය වනුයේ curcuma longa යනුවෙනි.

කහ හරිද්‍රා, කර්පුර හරිද්‍රා,ආම්රගන්ද,හරන්ලෙස වර්ග හතරකි.

 

හොදින් පැසුණූ කහ අලය , රතු පැහැයට හුරුය. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධ ගුණයෙන් ඉහළ බව කියවේ.

කප ,වාතය සමනයට ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින් ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය.

ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරිමටත් අමු කහ භාවිතා කෙරේ.  
ආහාර රුචිය ඇති කිරිමට කහ ඉතා යෝග්‍ය ඖෂධයකි.

අන්ත්‍ර ගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්‍යය වේ.

හික්කාවෙන් පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා ඇවිළෙන විට එකවර නිවා දැමිමේදි නගින දුම ගුණදායකය. 

ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසිදු කිරිම ද ගුණදායකය.

ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළිකාවන් වර්ධනය වීම සීමා කිරිමටත්, තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මනින් සුව වීමටත් කහ උපකාරි වේ.

 ගංසුරිය කොළ, පොතු, අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදිම සඳහා භාවිතා කිරිම ද ගුණය.

 ශරිරයේ ඇතිවන කුෂ්ඨ, දද ඇති අවස්ථාවේදි අමු කහ කොටා ගැල්වීම හෝ තම්බා වතුරෙන් සේදිම ද යෝග්‍යය.

රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගීන්ට මී පැණි සමඟ මිශ්‍රකර ගැනිම ද යෝග්‍යය වේ.

ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළීකාවන් වර්ධනය විම සිමා කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මණින් සුව විමටත් කහ උපකාරි වේ.

ශරිරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරිරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.

කහ ශරිරයේ ගැල්විමෙන් මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරිමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑම වැළැක්විමේ ඖෂධයක ලෙසත් අතිතයේ සිට අද දක්වා කහ භාවිතා කර තිබේ.

 

https://www.herbal.lk/product/turmeric-honey-bee-250g

https://www.herbal.lk/product/organic-turmeric-black-pepper

Back to Top