කුරුළු තුඩ සහල් වල අපි නොදත් ගුණ | Herbal.LK

කුරුළු තුඩ සහල් වල අපි නොදත් ගුණ

 

අපේ කාර්ය බහුල ජිවන රටාවත් එක්ක අතට අහුවෙන දෙයක් කුසට දා ගැනීමක් විනා එතනින් එහාට සිදුවන ක්‍රියාවලිය ගැන හිතන්න කාලයක් අපිට ලැබුනේ නැහැ.සමහර අවස්ථාවල අවිවේකීය බව හින්දම කෑම වේලක් දෙකක් මග හැරුණත් ඊලග අවස්ථාවේ ඒ මගහැරුණ වේලටත් එක්කම කන්න අපි පුරුදු වෙලා හිටියා.

එත් මේ දවස්වල ලැබුන දීර්ඝ නිවාඩුවත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා නිදහස ඕනේ තරම් ඉතුරුවෙලා .අපිට වස විස නැති අහාර රටාවකට පුරුදු වෙන්න පවුලේ සාමාජිකයන් ඒ රටාවට පුරුදු කරවන්න හොදම කාලය දැන් අපිට ලැබිලා තියෙනවා.ඒ හින්දම herbal.lk අපි හිතුවා ඔයාලට වස විසෙන් තොර සහල් ගැන දැනුවත් කරන්න.

ශ්‍රී ලංකාව කියන්නේ ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දුන්න රටක්.ඒ හින්දම ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ද අපේ රට ප්‍රචලිත උනා.

මේ දේශීය සහල් වල ඉතා ඉහළ පෝෂණ ගුණයක් වගේම ඖෂධයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද පවතිනවා.කුරුළු තුඩ සහල් කියන්නේ දේශීය සහල් වර්ග අතුරෙන් වැදගත් තැනක් උසුලන සහල් වර්ගයක්.

කුරුළු තුඩ සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වන්න මහත් ලෙස උපකාරී වෙනවා.ඒ වගේම ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරන්නත් මෙම සහල් වලට හැකියාවක් තියෙනවා.

ශරීරයේ සීනි පාලනය කරන්නත් ඇස් පෙනීම වර්ධනය කරන්නත් මෙම සහල් උපකාරී වෙනවා. මෙම සහල් සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් එහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවනවා.

යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයන නිසා ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග මේ සහල් ආහාරයට ගැනීම ඉතාම යෝග්‍ය වෙන අතර මුත්‍ර රෝග සමනය සඳහා ද මෙම සහල් භාවිතා කරන්න පුලුවන්.

කැඳ වර්ග සකසන විට කුරුළු තුඩ සහල්  භාවිතා කිරීමෙන් රෝග නිවාරණය කරගන්න උපකාරී වෙනවා.

Back to Top