ඖෂධීය ගුණ සපිරි දෙහි | Herbal.LK

ඖෂධීය ගුණ සපිරි දෙහි

Herbal.lk අපි අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නෙ පැගිරි කුලයේ ශාකයක් වන දෙහි ගැන. දෙහි රුටේසි  කුළයට අයත්  ශාකයකි. දෙහි ශාකයේ නිජබිම ඉන්දියාව වුණත් ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් කිහිපයක මේ සුවිශේෂ ශාකය ව්‍යාප්තව තිබෙනවා. දෙහි වල අඩංගු විටමින් සී, විටමින් බී6,  විටමින් ඒ, විටමින් ඊ, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් ,පොස්පරස් , පැන්තෝතෙනික් අම්ලය සහ ප්‍රෝටීන් වැනි පෝෂක නිසා ඖෂධීය වටිනාකමක් ලැබී ඇත.

දෙහි කියන්නේ ඉතාමත්ම ගුණදායී පිපාසය සංසිඳුවන සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක්. ඒ වගේම වාත, පිත්ත, සෙම් සමනය කරන්නත්   කෑම රුචිය වඩවන්නත්  පණු රෝග නැති කරන්නත් දෙහිවලට විශේෂ හැකියාවක් තිබෙනවා.

අජීර්ණය, කෑම අරුචිය, ආහාර නීරස බව, බඩ පිපුම, බඩ කැක්කුම, වමනය ආදී රෝග රැසකට දෙහි හොඳ ඖෂධීය ශාකයක්.

මෑතකදී කරන ලද පර්යේෂණ වලට අනුව, දෙහිවල ඇති පැඟිරි මගින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව සොයාගෙන ඇත. දෙහි හා පැඟිරි යුෂ අඩංගු පලතුරු මඟින් පියයුරු පිළිකා වළක්වා ගත හැකි බවටද සොයාගෙන තිබේ.

දෙහි ගෙඩියේ කුමන කොටස වුව, පමණට භාවිත කරන්නේ නම්, එමඟින් ශරීරයට කිසිදු අතුරු අබාධයක් ඇති නොවේ.

දෙහි යුෂ සම මත ගැල්වීම මගින් හිරු එළියෙන් සමේ ඇතිවන පිළිස්සීම් වළක්වා ගැනීමට මෙන්ම සම රැලි වැටීම වළක්වා ගැනීමට කළු ලප ඉවත් කිරීමට සහ දෙහි යුෂ සමග මීපැණි මිශ්‍ර කර පානය කිරීම මගින් සමේ නිරෝගී වර්ධනයක් ද ඇතිකර ගත හැකිය.

දෙහි යුෂ හිස්කබල මත ඇතිල්ලීම මගින් හිස්සොරි පාලනය කිරීම සහ හිසකෙස් වැටීම මෙන්ම හිසකෙස් වල ගැල්වීම මගින් ස්වභාවික දිස්නය පවත්වාගත හැකිය. දෙහි යුෂ මද උණුසුම් ජලයේ මිශ්‍ර කර මීපැණි සමග පානය කිරීමෙන් ශරීරයේ බර අඩුකර ගත හැකිය.හිස්හොරි නිසා හිසේ ඇති වන විවධ අසාත්මිකතා වලටද දෙහි ගුණදායක ඖෂධයකි.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී අතීතයේ පටන්ම දෙහි රූපලාවණ්‍ය කටයුතු සඳහාද යොදා ගෙන ඇත. ඒ අනුව මුහුණේ කුරුලෑ, ලප කැළැල් ඉවත් කර සම සිනිඳු කරවීමට වගේම සමේ තෙල් ගතිය දුරලීමට දෙහි හොඳ ඖෂධයක්.

 එහිදී කළ යුත්තේ මුහුණ සේදීමට ගන්න දිය බඳුනට දෙහි බෑයක ඉස්ම මිශ්‍ර කරලා එයින් මුහුණ සේදීම පමණයි.

දෙහි ගෙඩිය මෙන්ම දෙහි ලෙල්ලද අපට රැව රැක ගන්න උදව් කර ගන්න පුළුවන්. දෙහි ලෙල්ල මඳ පවනේ වියළා කුඩු කර කිරි සමඟ මිශ්‍රකර ගැල්වුවහොත් සම සුදු වෙනවා පමණක් නොවෙයි වයසට යාමත් සමඟ ඇතිවන සමේ රැලි ද නැති කරගන්න පුලුවන්.

ඒ වගේම ඉක්මනින් නියපොතු වියළී කැඩී යනවානම් ඔලිව් තෙල් සමග යුෂ මිශ්‍ර කර ඒ මිශ්‍රණයේ නිය පොඟවන්න. නිය සුවපත් වේ.

මීට අමතරව කුෂ්ට, විසප්පු හා ඉදිමුම්වලටත් දෙහි විස්මිත ප්‍රතිකාරයකි. ශරීර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවද දෙහිවලට ඇත.

Back to Top