තරබාරුවෙන් මිදෙන්නේ කොහොමද ? | Herbal.LK

තරබාරුවෙන් මිදෙන්නේ කොහොමද ?

අද කාන්තා දිනයේ කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන සුලබ සෞඛ්‍ය ගැටලුවක් ගැන herbal.lk අපි කතාකරන්න හිතුවා. ඒ ගැන අපි විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම වෛද්‍යතුමියගෙන් අහලා බැලුවා.

වෛද්‍යතුමිය මොකද්ද මේ තරබාරුකම කියන්නේ?

වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මතුව ඇති ගැටලුවක්‌ වී ඇත්තේ තරබාරුකමයි. ශරීරයේ මේදය වැඩිපුර තැන්පත් වීම තරබාරුකම විදිහට හදුන්වන්න පුළුවන්.මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සහිත සාධකයක් වශයෙනුත් තරබාරුව සැලකෙනවා.

අධික තරබාරුව කියන්නේ මොකක්ද?

අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්ඊට අමතරව අලස ජීවිතය,මේදය අධික අහාර ගැනීම,තෙලෙන් බදින ලද අහාර ගැනීම,ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු මේ තරබාරුකමට හේතු වෙනවා.

 

තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරුව  හදුන්වන්න පුළුවන්.

ඒ වගේම අධික රුධිර පීඩනය ,දියවැඩියාව,දිරවීමේ අපහසුව,කොලෙස්ටරෝල් වැඩිවීම  යන රෝග ඇති වීමට හේතු කාරණා වෙනවා.

තරබාරුකමෙන් මිදෙන්න කල යුතු ක්‍රියාකාරකම් මොනවද?

තරබාරුකමෙන් මිදෙන්න නම් මේ ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය කරන්න වෙනවා.

ඒ වගේම ව්‍යායාම කිරීම, ක්‍රියාශීලී දිවිපෙවතක් ගත කිරීම  ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වගේ දේවල් කරන්න වෙනවා.

ශරීරයේ බර අඩු කරගන්න නිවසේදීම කල හැකි දේවල් තියෙනවද?

ඔවු,රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න පුළුවන්,ඒ  වගේම සුදුළුනු මී පැණි වල ගිල්වලා තියලා කන්නත් පුළුවන්.ගොරකා,කරපිංචා ,කුරුදු ,කලාදුරු වගේ දේශීය දේවල් අහාරයට ගැනීම මගින් මෙම තරබාරුව මග හරවා ගන්න පුළුවන්.

මේ අනුව ශරීරයේ තරබාරුව  නැති කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතක් ගත කිරීම මගින් හැකියාවක් ලැබෙන බව ඔබටම වැටහේවි.

 

විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම

Back to Top