විශ්මිත කුරුදු රහස්

දිනෙන් දින අලුත් වෙන අපේ මාතෘකා වලින් අද අපි කියන්න යන්නෙ කුරුදු වල අන්තර්ගත වෙලා තියෙන ගුණ ගැන.

කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්.
Cinamomum  Verum  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතයට ගනු ලබනවා.
හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විත වෙනවා.

කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය තත්වයට යහපත් වටිනා දෙයක් විදියට කුරුදු සලකන්න පුලුවන්. ඒ වගේම ශරීරයේ තියෙන ඉහල උෂ්ණත්වය පහල හෙලන්නටත් කුරුදු උපකාරි වෙනවා.

කුරුඳු විදුරුමස් ශක්තිමත් කරන අතර දත් දිරා යෑම වළක්වනු ලබනවා. දත් කැක්කුමට ද කුරුදු ගුණ දෙන අතර කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල ද සුව කරන්න අතීතයේ පටන් භාවිතා කරනවා.

සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කිරීම මගින සහනයක් ලබාගන්න පුලුවන්.

 බඩගිනි ඇති කිරීමටද කුරුදු මගින් හැකියාවක් ඇත. ඒ වගේම අජීර්ණය දුරු කිරීමටද කුරුදු වලට හැකියාවක් ඇත.

වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි.

කුරුදු වල ඇති Polyphenols  වැනි ප්‍රභල ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා ප්‍රතිඔක්සිකාරක  ගුණය ඉහලය.  මෙමගින් සිරුර ආරක්ෂා කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙනවා.

වමනය හා ඔක්කාරයට ද කුරුඳු කැබැල්ලක් සපා කෑම මගින් සහනයක් ලබා ගන්න පුලුවන්.

කුරුඳු පොතුවල සුවඳ ආඝ්‍රණය කිරීම නිසා ධාරන ශක්තිය හා මතක ශක්තිය ද වැඩි කර ගන්න හැකියාවක් පවතිනවා.

කුරුදු තේ වර්ග වලින් පුලුවන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය අයින් කරන්න. විශේෂයෙන්ම ස්නායු වල බැදිලා තියෙන සමහර මේද තට්ටු ඉවත් කරන්න ව්‍යායාම කරලවත් බෑ. නමුත් කුරුදු වලට හැකියාව තියෙනවා ඒක කරන්න.

 ඒ වගේම කුරුදු වල කලින් කියපු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කුරුදු වලට පුලුවන් අධි රුධිර පීඩනයෙදි වගේම විශේෂයෙන් ආඝාතය වගේ රෝගාබාධ ඇති වෙන්න හේතු වෙන තත්වයන් පාලයනට වගේම සමනය කරන්නත්.

Back to Top